
සක්කාය දිට්ඨිය පජානාති වීම හා සම්මර්ශනය වීම පිළිබඳව සූත්‍ර දේශනා ඇසුරින් විමසා බලමු.
“කතමා ච භික‍්ඛවෙ, සක‍්කායසමුදයගාමිනී පටිපදා:
ඉධ භික‍්ඛවෙ, අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො, රූපං අත‍්තතො සමනුපස‍්සති, රූපවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා රූපං, රූපස‍්මිං වා අත‍්තානං. වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං -පෙ-
කතමා ච භික‍්ඛවෙ, සක‍්කායනිරොධගාමිනී පටිපදා:,
ඉධ භික‍්ඛවෙ, සුතවා අරියසාවකො අරියානං දස‍්සාවී අරියධම‍්මස‍්ස කොවිදො අරියධම‍්මෙ සුවිනීතො, සප‍්පුරිසානං දස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස කොවිදො, සප‍්පුරිසධම‍්මෙ සුවිනීතො, න රූපං අත‍්තතො සමනුපස‍්සති, න රූපවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා රූපං, න රූපස‍්මිං වා අත‍්තානං. න වෙදනං -පෙ- න සඤ‍්ඤං -පෙ- න සඞ‍්ඛාරෙ -පෙ- න විඤ‍්ඤාණං -පෙ- ” (පටිපදා සූත්‍රය – ස.නි. 3)
“මහණෙනි, සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව කුමක් ද?
මහණෙනි මෙහි අශ්‍රැතවත් පෘථග්ජනයා, ආර්‍ය්‍යයන්ගේ දර්ශනය නැත්තා, ආර්‍ය්‍යධර්‍මයේ අදක්‍ෂයා, ආර්‍ය්‍යධර්‍මයෙහි නොහික්මෙන්නා, සත්පුරුෂයන්ගේ දර්ශනය නැත්තා, සත්පුරුෂධර්‍මයේ අදක්‍ෂයා, සත්පුරුෂධර්‍මයෙහි නොහික්මෙන්නා රූපය ආත්ම වශයෙන් ඒ අනුව දකියි, ආත්මය රූපවත් කොට හෝ දකියි, ආත්මයෙහි හෝ රූපය දකියි, රූපයෙහි හෝ ආත්මය දකියි. වේදනාව …. සංඥාව … සංස්කාර … විඤ්ඤාණය …
මහණෙනි, සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව කුමක් ද?
මහණෙනි, මෙහි ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවකයා, ආර්‍ය්‍යයන්ගේ දර්ශනය ඇත්තා, ආර්‍ය්‍යධර්‍මයේ දක්‍ෂයා, ආර්‍ය්‍යධර්‍මයෙහි හික්මෙන්නා, සත්පුරුෂයන්ගේ දර්ශනය ඇත්තා, සත්පුරුෂධර්‍මයේ දක්‍ෂයා, සත්පුරුෂධර්‍මයෙහි හික්මෙන්නා රූපය ආත්ම වශයෙන් ඒ අනුව නොදකියි, ආත්මය රූපවත් කොට හෝ නොදකියි, ආත්මයෙහි හෝ රූපය නොදකියි, රූපයෙහි හෝ ආත්මය නොදකියි. වේදනාව …. සංඥාව … සංස්කාර … විඤ්ඤාණය …”
සක්කාය දිට්ඨිය දුරුවීම, සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව බව මෙම සූත්‍රය තුළ සඳහන් වේ (මෙහි දී සඳහන් වන්නේ සෝතාපන්න පුද්ගලයෙක් ගැන නොවේ. මාර්ගය පිළිබඳව යි.). එසේ සක්කාය දිට්ඨිය දුරුවන ආකාරය, ප්‍රතිපදාවකි. එය පුද්ගලයෙකුගේ සිදුවීමක් නොවේ (සෝතාපන්න පුද්ගලයා ගැන නොවේ). මේ ආකාරයට ස්වකීයත්වය දුරුවන චින්තනයේ දී තමා යන්න ශුන්‍ය බව භාවිත වේ (මාර්ගයේ දී ප්‍රඥාවට දර්ශනය වේ).
එය ‘කෙනෙකුට’ ලැබෙන දෙයක් නොවේ. ‘කෙනෙකුට’ එය ලැබෙන්නේ නම් එතැනම සක්කාය වේ. ‘කෙනෙකුට’ ‘මම’ නොවන බව ප්‍රයෝගිකව දර්ශනය වන ආකාරය පඨම කෝසල සූත්‍රයේ ඇති ප්‍රතිපදාව වේ. එය තථාගත ශාසනයෙන් බාහිර ශ්‍රේෂ්ඨතම දෘෂ්ටිය යි. එය කලින් විස්තර කර ඇත.
“කිඤ‍්ච ආනන්‍ද, සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා: චක‍්ඛුං ඛො ආනන්‍ද, සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා-පෙ-” (සුඤ්ඤතලෝක සූත්‍රය – ස.නි. 4)
“ආනන්‍දය, කුමක් ආත්මයෙන් (ආත්මය කරණ කොට ගෙන) හෝ ආත්මයට අයත් දෙයින් ශූන්‍ය වේ ද? ආනන්‍දය, ඇස ආත්මයෙන් (ආත්මය කරණ කොට ගෙන) හෝ ආත්මයට අයත් දෙයින් ශූන්‍ය ය. -පෙ- ”
මෙහි දී ස්වකීයත්වය හා ආත්මය අතර යම් වෙනසක් ඇති ද යන බව වටහාගෙන සිටිමු. එමෙන් ම ‘මම’ යන්න ද වෙනම විග්‍රහයක් ඇත.
“යො හොති භික‍්ඛු අරහං කතාවී ඛීණාසවො අන‍්තිමදෙහධාරී, අහං වදාමීතිපි සො වදෙය්‍ය මමං වදන‍්තීතිපි සො වදෙය්‍ය ලොකෙ සමඤ‍්ඤං කුසලො විදිත්‍වා, වොහාරමත‍්තෙන සො වොහරෙය්‍යාති.” (අරහන්ත සූත්‍රය – ස.නි. 1)
“අන්තිම ශරීරය දරන, කළ යුත්ත කළ, ආස්‍රවයන් නැසූ, අරහත් භික්ෂුවක් වේ ද, ඔහු “මම කියමි”යි කියාත්, කියන්නේ ය. ඔහු “මට කියති” යි කියාත්, කියන්නේ ය. දක්‍ෂ වූ ඔහු, ලෝකයෙහි ව්‍යවහාරය නුවණින් දැන, ව්‍යවහාර මාත්‍රයෙන්, ව්‍යවහාර කරන්නේ ය.”
‘අහං’ යනු ‘මම’ යන තේරුම යි. ‘සක්කාය’ යනු ‘ස්වකීයත්වය’ යන තේරුම යි. ‘අත්ත’ යනු ‘අල්වා ගැනීම’ යන තේරුම යි.
අහං – මම,
i) සත් + කාය > සක්කාය (Pali Text Society ඉංග්‍රීසි ශබ්දකෝෂය)
ඇතිබව + තත්වය > ඇති බවත්වය (සමූහය)
ii) ස්ව + කාය > සක්කාය (සංස්කෘත)
ස්වයං + තත්වය > ස්වතත්වය (ස්වකීයත්වය)
iii) සක + කාය > සක්කාය
ස්වකීය + තත්වය > ස්වකීයත්වය
(* සක්කාය පිළිබඳව අර්ථගැන්වීමේ දී, ‘ඇති බවක්’, ‘සත්‍යම බවක්’ වශයෙන් ඉස්මතු වේ. එනම් කුමන හෝ ලෙසකින් යම් වූ අත්තභාවපටිලාභයක (තමා යැයි පැවැත්ම ලැබීමක) යෙදීමක් යන්න වේ. එයින් එතෙරවීම, සක්කාය නිරෝධය වේ. එම අර්ථය ද නිවැරදි වේ.
බුද්ධ කාලයේ පවා ව්‍යවහාර වූ සංස්කෘත භාෂාව අදට ද වේද ග්‍රන්ථ ආදිය තුළ භාවිතය සිදුවේ. එහි අර්ථය අනුව බලන විටත් ස්වයං තත්වය (ස්ව + කාය) යන කරුණ නිවැරදි වේ. ස්වයං තත්වයක් යනුම ‘යෙදීමක්’ වේ. එයින් එතෙරවීම, සක්කාය නිරෝධය වේ. මාගධී භාෂාව තුළ ‘ස්ව’ හා ‘සකං’ යන පද දෙකම යෙදෙන බැවින් මෙම සක්කාය වචනයට ‘සක+කාය’ යන යෙදීම නිවැරදිම බව මට හැඟේ. මන්දයත් සංස්කෘත භාෂාව බුද්ධ කාලයේ සිටම තවමත් පවතින හෙයිනි. එබැවින් එහි වන රීතිය බොහෝ සෙයින් නිවැරදි වේ. එම නිසා මෙම ග්‍රන්ථය පුරාම සක්කාය යන අරුතට ‘ස්වකීයත්වය’ ලෙස පැහැදිලි කර ඇත. ‘සත්+කාය’ යන අරුත ද යෙදීමේ වැරදි නැතිබව වටහාගන්න).
ආ + දාත්ත > ආදාත්ත > ආත්ත > අත්ත
(* ‘අත්ත’ යන වචනයට එකල ව්‍යවහාර වූ ‘තමා’ යන්න, තිබෙන ලෝකයේ ව්‍යවහාරය අනුව නිවැරදි වේ. නිවැරදිවම වචනයට කොටු නොවී ‘අත්ත’ යන අර්ථය සෙවීමේ දී ‘අල්වාගැනීම’ යන අර්ථය අර්ථාන්විත වන විට (දකින විට) එතෙරවීම ම සිදුවේ. එය තථාගත දහමටම ආවේණික වේ.
“පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි, භාවිතානි බහුලීකතානි අනුප‍්පන‍්නානි උප‍්පජ‍්ජන‍්ති, නාඤ‍්ඤත්‍ර තථාගතස‍්ස පාතුභාවා අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං, විරියින්‍ද්‍රියං, සතින්‍ද්‍රියං, සමාධින්‍ද්‍රියං, පඤ‍්ඤින්‍ද්‍රියං.” (උප්පාද සූත්‍රය – ස.නි. 5.1)
“මහණෙනි, මේ ඉන්ද්‍රියන් පහ වඩන ලද්දේ ද, බහුල කරන ලද්දේ ද, යන කරුණ තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් හැර වෙනත් කාලයන්හි උපදින්නාහු නූපදිති. කවර පහක් ද යත්: සද්ධින්‍ද්‍රිය, විරියින්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධින්‍ද්‍රිය, පඤ්ඤින්‍ද්‍රිය යි.”
ඉන්ද්‍රිය ධර්මයන් අන්‍ය විමුක්තිකාමීන් ද භාවිත කළ බව අරිය පරියේසන සූත්‍රයේ දී සඳහන් වේ. උප්පාද සූත්‍රයට අනුව එම ඉන්ද්‍රිය ධර්ම තථාගතයන් වහන්සේ පහළ වීමෙන් පමණක්ම සිදුවන බව ද පැහැදිලි ය.
එකම කරුණ පිළිබඳව අර්ථ දෙකක් මේ සූත්‍ර තුළ ඉස්මතු වේ. ලෝකය තුළ වූ ව්‍යවහාරය නිවැරදිව තිබීම පිළිබඳව අරිය පරියේසන සූත්‍රයෙන් පැහැදිලි වේ. එම වචනය තුළ වූ නිවැරදිම අර්ථය සොයන විට ලැබීමක් නොවී, එතෙරවීම ම ප්‍රායෝගිකවම සිදුවේ. එය ඉස්මතු කරන්නේ තථාගතයන් වහන්සේ පමණි. ඒ බව උප්පාද සූත්‍රයෙන් පැහැදිලි ය. සැබෑවටම ලෝකය තුළ තිබෙන්නක් ඇති නම්, තථාගත දහමින් විනාශය පැනවීමක් වේ. එම නිසා එම ව්‍යවහාරයම හොඳින්ම අර්ථාන්විත වන ලෙස විමසන විට දී, ව්‍යවහාරයක යෙදීමක් නොවන ලෙස එතෙර වේ. එය ලෝකෝත්තර බව යි. ලෝකයක් තිබිය දී එතෙර වීමක් සිදුවීම නොවේ. ලෝකය යැයි තිබීමේ ව්‍යවහාරය, සෙවීම ම එතෙර වීමේ මග වේ. මේ අනුව බලන විට ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව නිවැරදිවම පෙන්වා ඇත්තේ තථාගතයන් වහන්සේ පමණි. එලෙසටම ‘අත්ත’ යන වචනය ද ව්‍යවහාර ලෝකය තුළ පවතින අතරම, එහි අර්ථය ගැඹුරින්ම සොයන විට එතෙර වීම සිදුවේ. ‘තමා’ යන්න ඇතිබවක් නොව ‘අල්වාගැනීමක් ය.’ එසේ දකින විට පිරිසිඳ සෙවීමක් සිදුවී, සමුදය ලෙස ප්‍රඥාවෙන් දැක, එම සමුදය ඉක්මවීමෙන් එතෙර වීම සිදුවේ. එය මාර්ගය වේ. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේලාට ආවේණික ආර්ය සත්‍යය දර්ශනය වන එතෙර වීමේ දැක්ම ඇති වේ).
‘අත්ත’ යනු අල්වාගැනීම වේ. අල්වාගැනීම (අල්වාගැනීම කරණ කොට) හා අල්වාගැනීමට අයිති බවින් හිස් බව, අනාත්ම වේ. එනම් ශුන්‍යතාවය වේ.
“තිණකට‍්ඨසමං ලොකං යදා පඤ‍්ඤාය පස‍්සති, මමත‍්තං සො අසංවින්‍දං ‘නත්‍ථි මෙ’ති න සොචති.” (අධිමුත්ත ථෙරගාථා)
“යමෙක් යම් කලෙක තණකොළ, ලී කැබලි ලෙස, ලෝකය ප්‍රඥාවෙන් දකී ද, ඔහු මමත්‍වය නොලබන්නේ ය. ‘මට යමක් නැතැ’ යි ශෝක නොකර යි.”
‘අත්ත’ – අල්වාගැනීම, යම් කරුණකට ළං වී සිදුවන ක්‍රියාව වේ. යම් කරුණක් වන, එනම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ අර්ථ
ශුන්‍ය බව ප්‍රඥාවට වැටහෙන විට, ‘අත්ත’ නම් වූ අල්වා ගැනීම සිදු නොවේ. මෙයින් කියවෙන්නේ ‘අල්වා නොගැනීමක්’ ‘ඇති බව’ නොවේ. ‘අල්වාගැනීම’ සිදු නොවීමයි. එවිට රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නිත්‍ය ලෙස දකින ආකාරය දුරු වේ.
මෙලෙස අල්වාගෙන සිටීමේ ක්‍රියාවේ දී, පැවැත්ම හා අවිද්‍යාව නම් වූ ආශ්‍රව ක්‍රියාවලිය සිදුවේ. එය යම් වූ අතීත, අනාගත, වර්තමාන වූ දුර, ළඟ… ආදී පැනවීමක් ය. එය සක්කාය වේ. එලෙස අල්වාගැනීමක් ලෙස දැකීම සිදුවන විට ‘ස්වකීයත්වය දැක්ම’ (සක්කාය දිට්ඨිය) දුරුවේ. ‘ස්වකීයත්වය දැක්ම’ දුරුවන බව ‘ලැබීම නොවේ’. එය ප්‍රඥාවේ දර්ශනයකි. එනම් සක්කාය දිට්ඨිය දුරුවීම යි.
‘මම’ (අහං) යනු යම් කරුණක් සිදුකරන්නා වේ. මෙය බොහෝ විට ව්‍යවහාරය සඳහා භාවිත කරනු ලැබේ. ව්‍යවහාරය යනු සඤ්ඤාවක විපාකයකි. සඤ්ඤාවක විපාකයක් වශයෙන්, එලෙස ව්‍යවහාර කරනු ලැබේ.
“වොහාර වෙපක‍්කාහං භික‍්ඛවෙ සඤ‍්ඤං වදාමි. යථා යථා නං සඤ‍්ජානාති, තථා තථා වොහරති එවං සඤ‍්ඤී අහොසින‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ සඤ‍්ඤානං විපාකො.” (නිබ්බේධික සූත්‍රය අ.නි. 4)
“මහණෙනි, මම ව්‍යවහාරය සංඥාවේ විපාක ලෙස වදාරමි. යම් යම් ආකාරයෙන් හඳුනාගන්නේ ද, ඒ ඒ ආකාරයෙන් ව්‍යවහාර කෙරෙයි. මෙසේ සඤ්ඤීබව වේ. මහණෙනි, මේ සංඥාවේ විපාක යැයි කියනු ලැබේ.”
මිරිඟුවක ස්වභාවය ලෙස සඤ්ඤාව යථාර්ථ වශයෙන් ප්‍රඥාවෙන් දකින විට ව්‍යවහාරය, ව්‍යවහාර මාත්‍රයක් බවම වැටහේ. ජීවත්ව සිටින තුරු එලෙසට දකිමින් ව්‍යවහාර කරනු ලැබේ. එනමුත් ව්‍යවහාරයට රිංගා ගැනීම සිදු නොවේ.
මේ ආකාරයට අහං (මම), අත්ත (තෙමේ, අල්වා ගැනීම), සක්කාය (ස්වකීයත්වය) පිළිබඳව දේශනාවට අනුව පැහැදිලි කරගත හැක.
පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි
රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය
වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ