
බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වී සැබෑ ම එතෙරවන මඟ පෙන්වා වදාළ සේක. එලෙස පෙන්වූ දහම බුදුවරුන්ට ම ආවේණික දහමකි. බුදුවරුන්ට පමණක් ආවේණික දහම සාමුක්කංසික දේශනය වේ. එහි අර්ථාන්විත භාවය ගුණ සයකින් ඉස්මතු කර ඇත.
“ත්‍වං මහානාම ධම‍්මං අනුස‍්සරෙය්‍යාසි, ‘ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො සන්‍දිට‍්ඨිකො අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහී’ති”
“මහානාම නුඹ ධර්මය සිහිකරහි, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාත ය, සන්දිට්ඨිකය, අකාලික ය, ඒහිපස්සික ය, ඖපනයික ය, පච්චත්තං වේදිතබ්බෝ විඤ‍්ඤූහිතිය.” (මහානාම සූත්‍රය – අ.නි. 6)
බුදුරජාණන් වහන්සේගේ ධර්මය යනු ලෝකයේ ව්‍යවහාරික වූ වචනයන් නොවේ. ධාතු ආයතන, ස්කන්ධ, පටිච්චසමුප්පාදය, බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ඉන්ද්‍රිය ධර්ම යනු ලෝකය තුළ ව්‍යවහාරික වූ අර්ථාන්විත වචන වෙයි. මේ වචන ම භාවිත කරමින් අර්ථය ත් ඉස්මතු කරමින්, විමසීමේ චින්තනයක් ඇති කරවීමට උපකාර වන ලෙසට, සක්කායෙන් එතෙර වන ප්‍රතිපදාවක් තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ සේක. සක්කාය නිරෝධ වන ආකාරය එසේ පෙන්වූ වචන තුළින් මනාව ප්‍රකට ව ඇත. එමෙන් ම එය ප්‍රතිපදාවක් ලෙස ට අත්දැකීමක් යෙදෙන ආකාරය ද කාලයකට අයිති බව ඉක්මවීම ද ප්‍රායෝගිකව සිදු වේ. කාලයක් පැනවෙන්නේ ම ස්වකීයත්වය වන සක්කාය නිසා ම ය. සක්කාය නිරෝධ වන විට කාලයක පැනවීම ද නොයෙදේ. ඒ බව නිරුත්තිපථ සූත්‍රයේ දී ඉස්මතු වේ.
“යං විඤ‍්ඤාණං අතීතං නිරුද‍්ධං විපරිණතං, ‘අහොසී’ති තස‍්ස සඞ‍්ඛා, ‘අහොසී’ති –පෙ-”
“යං භික්ඛවෙ, රූපං අජාතං අපාතුභූතං ‘භවිස‍්සතී’ති තස‍්ස සඞ‍්ඛා, ‘භවිස‍්සතී’ති තස‍්ස සමඤ‍්ඤා, ‘භවිස‍්සතී’ති තස‍්ස පඤ‍්ඤත‍්ති, න තස‍්ස සඞ‍්ඛා ‘අත්‍ථී’ති, න තස‍්ස සඞ‍්ඛා ‘අහොසී’ති. යා වෙදනා –පෙ– යා සඤ‍්ඤා –පෙ– යෙ සඞ‍්ඛාරා –පෙ– යං විඤ‍්ඤාණං අජාතං අපාතුභූතං ‘භවිස‍්සතී’ති තස‍්ස සඞ‍්ඛා, ‘භවිස‍්සතී’ති තස‍්ස සමඤ‍්ඤා, ‘භවිස‍්සතී’ති තස‍්ස පඤ‍්ඤත‍්ති. න තස‍්ස සඞ‍්ඛා ‘අත්‍ථී’ති, න තස‍්ස සඞ‍්ඛා ‘අහොසී’ති. ”
“යං භික්ඛවෙ, රූපං ජාතං පාතුභූතං, ‘අත්‍ථී’ති තස‍්ස සඞ‍්ඛා, ‘අත්‍ථී’ති –පෙ-”
“ මහණෙනි, යම් රූපයක් අතීතද, නිරුද්ධ ද, විපරිනාම ද, එයට අහෝසි වූයේ යැයි ගිනීමට යයි. -පෙ-”
“මහණෙනි, යම් රූපයක් හටනොගත්තේ ද, පහළ නොවූයේ ද, එයට වන්නේය යයි ගිනීමට යයි. එයට ‘වන්නේය’ යැයි හැඳින්වීමකි. එයට ‘වන්නේය’ යයි ප්‍රඥප්තියකි. එයට තිබේ යැයි ගිනීමක් නැත. එයට අහෝසි වූයේ යැයි ගිනීමක් නැත. යම් වේදනාවක් -පෙ- යම් සංඥාවක් -පෙ- යම් සංස්කාරයක් -පෙ- යම් විඥානයක් හටනොගත්තේද, පහළ නොවූයේ ද, එයට වන්නේය යයි ගිනීමට යයි. එයට ‘වන්නේය’ යැයි හැඳින්වීමකි. එයට ‘වන්නේය’ යයි ප්‍රඥප්තියකි. එයට තිබේ යැයි ගිනීමක් නැත. එයට අහෝසි වූයේ යැයි ගිනීමක් නැති.” (නිරුත්තිපථ සූත්‍රය – ස.නි. 3)
“රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරූපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙ ඛො ආවුසො විසාඛ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා සක‍්කායො වුත‍්තො භගවතාති.”
“ඇවැත් විශාකයෙනි, රූප උපානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය යන මේවා සක්කාය යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.”
(චූළවේදල්ල සූත්‍රය – ම.නි. 1)
සක්කාය යනු පංච උපාදානස්කන්ධයට නමකි. එනම් සක්කායක පැවැත්ම කාලය ම බව නිරුත්තිපථ සූත්‍රයෙන් පැහැදිලි වේ. තථාගත දහම තුළ එම කාලය ඉක්මවීම හොඳින් ම ඉස්මතු වී ඇත. එමෙන්ම එම දහම තුළට ම යොමුවීමේ ස්වභාවයක්, ශ්‍රද්ධාව පාදක වීමෙන් හා සත්‍ය ගවේෂී බවින් සිදු වේ. ‘එව බලව’ ඇවිත් බලන්න යන වග, ප්‍රායෝගිකව දහම තුළින් ප්‍රතිපදාවට අනුගත වීමෙන් සිදු වේ. එම දහමට ම පමණක් ළං වී බැලීම උප පරීක්ෂණ යන කරුණින් ද හොඳින් පැහැදිලිය. එය දහමේ ඇති ගුණයකි ප්‍රඥාව ඇති අය පමණක් ඒ ඒ නුවණ ඇති ආකාරයට දැකිය හැකි ලෙස දහම යෙදී ඇත. මෙය ද වචන තුළට කොටු වී එය උතුම් ලෙස නො ගැනීමකි (පදපරම). ධර්මය පෙන්වන ව්‍යවහාරික ලෝකයේ වචනයන් එනම් අධිවචනය පද උතුම් වන කිසිවෙකුට එතෙර වන ප්‍රතිපදාවට කිසිදාක යොමු විය නොහැක.
අර්ථය උපපරීක්ෂණය කරන විට මේ ආකාරයට වන ප්‍රතිපදාවක් ධර්මය තුළින් ඉස්මතු වී එතෙර වන මාර්ගය ප්‍රායෝගිකව ම සිදුවේ. ඉතාම ගරු කරන, තථාගත ගාම්භීර ධර්මය පවසන ආචාර්ය උතුමන් ළඟට ගොස් නොවැටහෙන අර්ථය විමසන විට දී, මේ ආකාරයට ධර්මය තුළින් ම සක්කාය නිරෝධ ප්‍රතිපදාව ප්‍රායෝගිකව ඉස්මතු වේ.
අර්ථය උප පරීක්ෂණය කිරීම යනු සම්පූර්ණයෙන්ම එතෙරවෙන ප්‍රතිපදාවට බැස ගැනීම බව ඉහත පෙන් වූ කරුණු තුළින් පැහැදිලි වේ. මෙසේ සිදුවන අර්ථ උප පරීක්ෂණය ‘යෝනිසෝ මනසිකාරය’ වේ. යෝනිසෝ මනසිකාරය පිළිබඳව විස්තරයට ප්‍රථම එහි ඇති වැදගත් කම පිළිබඳව පහත සූත්‍ර තුළින් වටහා ගනිමු.
“පරතො ච ඝොසො, යොනිසො ච මනසිකාරො. ඉමෙ ඛො ආවුසො ද‍්වෙ පච‍්චයා සම‍්මාදිට‍්ඨියා උප‍්පාදායාති.”
ඇවැත්නි, අනුන්ගෙන් ඇසෙන ශබ්දය ත් (සද්ධර්ම ශ්‍රවණය), යෝනිසෝ මනසිකාරය ත් යන මේ කරුණු දෙක ප්‍රත්‍යයෙන් සම්මා දිට්ඨිය උපදී” (මහා වේදල්ල සූත්‍රය – ම.නි. 1)
“සුරියස‍්ස භික්ඛවෙ, උදයතො එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං, යදිදං අරුණග්ගං; එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං යොනිසොමනසිකාරසම‍්පදා.”
“මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, හිරු උදාවීමට පෙර මේ පූර්ව නිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින් ම යම් යෝනිසෝ මනසිකාරක් වේ ද, භික්ෂුවකට ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ඉපදීමය මේ පූර්ව නිමිත්ත වේ.” (යෝනිසෝ සූත්‍රය – ස.නි. 5-1)
“සද‍්ධම‍්මසවනං පරිපූරං සද‍්ධං පරිපූරෙති, සද‍්ධා පරිපූරා යොනිසොමනසිකාරං පරිපූරෙති, යොනිසොමනසිකාරො පරිපූරො සතිසම‍්පජඤ‍්ඤං පරිපූරෙති”
“සද්ධර්ම ශ්‍රවණය පිරීමෙන් ශ්‍රද්ධාව පිරේ. ශ්‍රද්ධාව පිරීමෙන් යෝනිසෝ මනසිකාරය පිරේ. යෝනිසෝ මනසිකාරය පිරීමෙන් සති සම්පජඤ්ඤය පිරේ.”
(අවිජ්ජා සූත්‍රය – අ.නි. 6)
ඉහතින් පෙන්වා ඇති සූත්‍ර අනුව ධර්ම මාර්ගයට අවශ්‍ය ප්‍රධාන ම කාරණය වන්නේ යෝනිසෝ මනසිකාරය බව පැහැදිලි වේ. එම නිසා යෝනිසෝ මනසිකාරය පිළිබඳව සවිස්තරව පැහැදිලි කරගත යුතු වේ. යෝනිසෝ මනසිකාරය පිළිබඳව ඉදිරි ලිපියේදී සාකච්ඡා කරමු.
පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි
රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය
වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ