
ඉතාම කලාතුරකින් ලෝකයේ පහළවන බුදුරජාණන් වහන්සේ සක්කාය නම් වූ ලෝකයෙන් එතෙරවන ප්‍රතිපදාව පෙන්වාදුන් සේක. එම ප්‍රතිපදාවට යොමුවීම සඳහා තීක්ෂණ නුවණකින් යුක්තවිම හා ගුණවත්බවින් පෝෂණයවීම අත්‍යාවශ්‍ය ම වේ. එලෙස හැකියාවෙන් යුතු කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසෙන විට එම ප්‍රතිපදාව වන සක්කාය නිරෝධ ප්‍රතිපදාවට අනුගත වේ. එම අනුගතවීමේ මූලිකම සිදුවීම වන්නේ ශ්‍රද්ධානුසාරී වීමයි. එලෙස ශ්‍රද්ධානුසාරී වීම පිළිබඳව සංයුත්ත නිකාය තුන් වන පොත් වහන්සේ තුළ ඔක්කන්ති සංයුත්තය පුරාවටම ඉස්මතුකර ඇත.
“චක‍්ඛුං භික‍්ඛවෙ, අනිච‍්චං විපරිනාමි අඤ‍්ඤථාභාවී, සොතං අනිච‍්චං විපරිනාමි අඤ්ඤථාභාවි, ඝානං අනිච‍්චං විපරිනාමි අඤ්ඤථාභාවි, ජිව්හා අනිච‍්චා විපරිනාමී අඤ‍්ඤථාභාවී, කායො අනිච‍්චො විපරිනාමී අඤ‍්ඤථාභාවී, මනො අනිච‍්චො විපරිනාමී අඤ‍්ඤථාභාවී.”
යො භික‍්ඛවෙ, ඉමෙ ධම‍්මෙ එවං සද‍්දහති අධිමුච්චති, අයං වුච‍්චති සද‍්ධානුසාරී ඔක‍්කන‍්තො සම‍්මත‍්තනියාමං සප‍්පුරිසභූමිං ඔක‍්කන‍්තො වීතිවත‍්තො පුථුජ්ජනභූමිං, අභබ්බො තං කම‍්මං කාතුං යං කම‍්මං කත්‍වා නිරයං වා තිරච‍්ඡානයොනිං වා පෙත‍්තිවිසයං වා උපපජ්ජෙය්ය. අභබ්බො ච තාව කාලං කාතුං යාව න සොතාපත‍්තිඵලං සච‍්ඡිකරොති.” (ස.නි. 3 – චක්ඛු සූත්‍රය)
“මහණෙනි, ඇස අනිත්‍යයි, වෙනස් වේ, අන්‍ය ස්වාභාවී වේ. කණ අනිත්‍යයි, වෙනස් වේ, අන්‍ය ස්වාභාවී වේ. නාසය අනිත්‍යයි, වෙනස් වේ, අන්‍ය ස්වාභාවී වේ. දිව අනිත්‍යයි, වෙනස් වේ, අන්‍ය ස්වාභාවී වේ. කය අනිත්‍යයි, වෙනස් වේ, අන්‍ය ස්වාභාවී වේ. මනස අනිත්‍යයි, වෙනස් වේ, අන්‍ය ස්වාභාවී වේ.
මහණෙනි, යමෙක් මේ ධර්මයන් කෙරෙහි මෙසේ ශ්‍රද්ධාවෙන් බැසගනී ද (යෙදේද), මේ ශ්‍රද්ධානුසාරී යැයි කියනු ලැබේ. නිවැරදි වූ නියාමයට (ප්‍රතිපදාවට) බැසගත්තේ වේ. සත්පුරුෂ භූමියට බැසගත්තේ වේ. පෘතග්ජන භූමිය ඉක්මවූයේ වේ. යම් කර්මයක් කොට නිරයේ හෝ තිරිසන් යෝනියේ හෝ ප්‍රේත විෂයේ හෝ උපදී ද, එම කර්ම කිරීම අභව්‍ය වේ. ඔහු සෝතාපන්න ඵලය සාක්ෂාත් නොකොට කළුරිය කිරීම ද අභව්‍ය වේ.”
“චක‍්ඛුං භික‍්ඛවෙ, අනිච‍්චං විපරිනාමි අඤ‍්ඤථාභාවී, සොතං අනිච‍්චං විපරිනාමි අඤ්ඤථාභාවි, ඝානං අනිච‍්චං විපරිනාමි අඤ්ඤථාභාවි, ජිව්හා අනිච‍්චා විපරිනාමී අඤ‍්ඤථාභාවී, කායො අනිච‍්චො විපරිනාමී අඤ‍්ඤථාභාවී, මනො අනිච‍්චො විපරිනාමී අඤ‍්ඤථාභාවී.”
බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරන, ලෝකයෙන් එතෙර වන ධර්මයට යොමු වීමේ මූලාරම්භය වන්නේ ශ්‍රද්ධාව ඇති වීමයි. අනුපිළිවෙළ කථාවෙන්, තම තමන්ගේ ජීවිත පැවැත්ම නම් වූ ලෝකයේ නිස්සාර බව, ප්‍රකට කරවූ විට, එලෙස ඉස්මතු කළ කල්‍යාණ මිත්‍රයා පෙන්වන, බුදුරජාණන් වහන්සේ වදාළ ගම්භීර දහම පිළිබඳව මනා වූ පැහැදීමක් ඇති වේ. එලෙස ගම්භීර තථාගත දහමට පැහැදීම ඇති වූ විට එම ශ්‍රද්ධාව අනුවම සිතීමේ ක්‍රමය වන යෝනිසෝ මනසිකාරය ඇති වේ. එමෙන්ම ඒ සිතන ආකාරය තුළ තම තමන්ගේ අත්දැකීම් ලෝකය (සිතන, කල්පනා කරන, වැටහෙන) ඉක්මවන ප්‍රතිපදාව සිදුවේ. එය අනිත්‍ය සම්මර්ශනය නම් වේ. මේ ශ්‍රද්ධාව තුළ පිහිටීමෙන්, ඒ අනුව සිතන ආකාරය ඉස්මතු වීම පිළිබඳව මෙසේ ඔක්කන්ති සංයුත්තයේ සූත්‍ර ගණනාවක ම පැහැදිලි වේ. ස්කන්ධ, ධාතු, ආයතන ආදී සියලුම කරුණු මගින් පෙන්වන ධර්මයට ශ්‍රද්ධාව ඇතිවීම පිළිබඳව ඒ ඒ සූත්‍ර මගින් පැහැදිලි කර ඇත. ඒ ඒ ගෝචර බව අනුව තම තමන්ගේ අත්දැකීම් ලෝකය වැරදි බව පෙන්වා, තථාගත ගැඹුරු ධර්මය ඉස්මතු කරන විට ඒ අනුව සිදුවන මනසිකාරය සමග ශ්‍රද්ධාවට ම අනුගත වේ. එලෙස සිදුවන ආකාරය අනිත්‍ය සම්මර්ශනය නම් වේ. එමෙන්ම ඒ තථාගත දහම අනුව ඉවසීමකට (අනුලෝමඛන්තියට) යොමු වී ඇත.
මේ දහම තමාගේ අත්දැකීම් ලෝකය හා රිංගා ගැනීමක් ඉස්මතු නොකිරීමකි. එනම් තම තමන්ගේ ජීවිතයේ සිදුවන ක්‍රියාවලිය විස්තර කිරීමක් ද නොවේ. තම තමන්ගේ ජීවිතයේ සිදුවන ක්‍රියාවලිය තහවුරු කරමින් සක්කාය පෝෂණය කරන දහමක් ද නොවේ. තම තමන්ගේ අත්දැකීම් ජීවිතය විනාශ වන දහමක් ද නොවේ. තම තමන්ගේේ අත්දැකීම් ලෝකයෙන් ඉවත් වන දහමක් ද නොවේ. තම තමන්ගේ අත්දැකීම් ලෝකයේ ඇති නිස්සාර බව ප්‍රකට වූ විට සත්‍යට යොමු වීම පමණක් ශ්‍රද්ධාව තුළින් සිදුවේ. එවිට ඔහු සත්‍යට යොමුවී සත්‍ය රැකීමේ වැඩ පිළිවෙළට අනුගත වේ.
“තස‍්ස සා විමුත‍්ති සච‍්චෙ ඨිතා අකුප‍්පා හොති. තං හි භික‍්ඛු මුසා, යං මොසධම්මං. තං සච්චං, යං අමොසධම‍්මං නිබ‍්බානං. තස්මා එවං සමන‍්නාගතො භික‍්ඛු ඉමිනා පරමෙන සච‍්චාධිට‍්ඨානෙන සමන‍්නාගතො හොති. එතං හි භික‍්ඛු, පරමං අරියසච‍්චං යදිදං අමොසධම‍්මං නිබ‍්බානං.”
“ඔහුගේ ඒ විමුක්තිය සත්‍ය වූ ස්ථීරව පිහිටි වූ නොසැලෙන්නේ වේ. මහණ, යමක් මුසාවක් වේද එය මුසා ස්වාභාවයම වේ. යමක් සත්‍යද, එය මුසා නොවන ස්වාභය නිවීම වේ. එහෙයින් මෙසේ සමන්‍වාගත භික්ෂුව මේ උතුම් සත්‍ය අධිෂ්ඨානයෙන් සමන්‍විත වෙයි. මහණ, ඒ උතුම් ආර්‍ය සත්‍යයි. එනම් මුසා නොවන ස්වාභාවය වන නිවීමයි. ” (ම.නි. 3- ධාතුවිභඞ්ග සූත්‍රය)
මේ පෙන්වා දුන් සත්‍ය ලෝකය තුළ හමුවීමක් හෝ ලබාගෙන සතුටු වීමක් නොවේ. මෙම දහම තුළින් එතෙර වීම නම් වූ නිවීම පමණක් ම ඉස්මතු වේ. එබැවින් මෙම දහම පහුරකට උපමා කොට ඇත.
“කුල‍්ලූපමං වො භික‍්ඛවෙ ධම‍්මං දෙසිස‍්සාමි නිත්‍ථරණත්‍ථාය නො ගහණත්ථාය. තං සුණාථ, සාධුකං මනසිකරොථ. භාසිස්සාමීති. එවම්භන්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
සෙය්‍යථාපි භික‍්ඛවෙ පුරිසො අද‍්ධානමග‍්ගපටිපන‍්නො – සො පස‍්සෙය්‍ය මහන‍්තං උදකණ්ණවං, ඔරිමං තීරං සාසඞ‍්කං සප්පටිභයං, පාරිමං තීරං ඛෙමං අප‍්පටිභයං, න චස‍්ස නාවා සන‍්තාරණී උත‍්තරසෙතු වා අපාරාපාරං ගමනාය; තස‍්ස එවමස‍්ස: “අයං ඛො මහා උදකණ‍්ණවො ඔරිමං තීරං සාසඞ‍්කං සප්පටිභයං. පාරිමං තීරං ඛෙමං අප‍්පටිභයං. නත්ථි ච නාවා සන‍්තාරණී උත‍්තරසෙතු වා අපාරාපාරං ගමනාය. යන්නූනාහං තිණකට‍්ඨසාඛාපලාසං සංකඩ‍්ඪිත්‍වා කුල‍්ලං බන්‍ධිත්‍වා තං කුල‍්ලං නිස‍්සාය හත්‍ථෙහි ච පාදෙහි ච වායමමානො සොත්‍ථිනා පාරං උත‍්තරෙය්‍යන‍්ති.”
අථ ඛො සො භික‍්ඛවෙ පුරිසො තිණකට‍්ඨසාඛාපලාසං සංකඩ‍්ඪිත්‍වා කුල‍්ලං බන්‍ධිත්‍වා තං කුල‍්ලං නිස‍්සාය හත්‍ථෙහි ච පාදෙහි ච වායමමානො සොත්‍ථිනා පාරං උත්තරෙය්ය. තස‍්ස පුරිසස‍්ස උත‍්තිණ‍්ණස‍්ස පාරං ගතස‍්ස එවමස‍්ස: ‘බහුකාරො ඛො මෙ අයං කුල්ලො. ඉමාහං කුල‍්ලං නිස‍්සාය හත්‍ථෙහි ච පාදෙහි ච වායමමානො සොත්‍ථිනා පාරං උත්තිණ්ණො. යන්නූනාහං ඉමං කුල‍්ලං සීසෙ වා ආරොපෙත්‍වා ඛන්‍ධෙ වා උච‍්චාරෙත්‍වා යෙන කාමං පක‍්කමෙය්‍ය’න්ති. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, අපි නු සො පුරිසො එවංකාරී තස‍්මිං කුල‍්ලෙ කිච‍්චකාරී අස‍්සාති? ‘නො හෙතං භන‍්තෙ’.
කථංකාරී ච සො භික‍්ඛවෙ පුරිසො තස‍්මිං කුල‍්ලෙ කිච‍්චකාරී අස්ස? ඉධ භික‍්ඛවෙ තස‍්ස පුරිසස‍්ස උත‍්තිණ‍්ණස‍්ස පාරං ගතස‍්ස එවමස‍්ස: බහුකාරො ඛො මෙ අයං කුල්ලො, ඉමාහං කුල‍්ලං නිස‍්සාය හත්‍ථෙහි ච පාදෙහි ච වායමමානො සොත්‍ථිනා පාරං උත්තිණ්ණො. යන්නූනාහං ඉමං කුල‍්ලං ථලෙ වා උස‍්සාදෙත්‍වා උදකෙ වා ඔපිලාපෙත්‍වා යෙන කාමං පක්කමෙය්යන්ති. එවංකාරී ඛො සො භික‍්ඛවෙ පුරිසො තස‍්මිං කුල‍්ලෙ කිච‍්චකාරී අස්ස. එවමෙව ඛො භික‍්ඛවෙ කුල‍්ලූපමො මයා ධම‍්මො දෙසිතො නිත්‍ථරණත්‍ථාය නො ගහණත්ථාය. කුල‍්ලූපමං වො භික‍්ඛවෙ ධම‍්මං දෙසිතං ආජානන‍්තෙහි ධම‍්මාපි වො පහාතබ්බා, පගෙව අධම‍්මා.” (ම.නි.1- අලගද්දූපම සූත්‍රය)
“මහණෙනි, තොපට මම පසුර උපමා කොට ඇති දහම් දෙසන්නෙමි. එය එතෙර වීම පිණිස ය. ග්‍රහණය කරගැනීම පිණිස නො වේ. එය අසව්. මැනැවින් මනසිකාරය කරව්. දේශනා කරන්නෙමි යි. ‘භාග්‍යවතුන් වහන්ස, එසේ ය’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
මහණෙනි, දීර්ඝ ගමනකට පිළිපන් පුරුෂයෙක් සේ වේ ද, ඔහු සැක සහිත වූ බිය සහිත වූ මෙතෙර ද, සැක රහිත, බිය රහිත එතෙර ද, මහත් වූ ජලකඳ ද දක්නේ ය. ඔහුට මෙතෙරින් එතෙර යාමට නැවක් හෝ පාරුවක් නොවන්නේ ය. ඔහුට මෙවැනි අදහසක් ඇතිවන්නේ ය: “මේ මහා ජලකඳකි. මෙගොඩ සැක සහිත ය. බිය සහිත ය. එතෙර උවදුරු රහිත ය. ප්‍රතිභය රහිත ය. මෙතෙරින් එතෙර යාම සඳහා නැවක් හෝ පහුරක් හෝ නැත. මම තණකොළ , ලී දඬු, අතුකොළ කඩා එකතු කොට පහුරක් බැඳ ඒ පහුරින් අතින් හා පයින් උත්සාහ කරමින් සුව සේ එතෙර වන්නෙම් නම් මැනැව” කියා යි.
ඉක්බිති මහණෙනි, ඒ පුරුෂයා තණකොළ, දඬු, අතුකොළ කඩා පහුරක් බැඳ ඒ පහුරින් අතින් හා පයින් වෑයම් කරමින් සුවසේ එතෙර යන්නේ ය. එතෙර වූ පරතෙරට ගිය ඒ පුරුෂයාට – ‘මට මේ පහුර බොහෝ උපකාරී වී ය. මම මේ පහුර හිස තබාගෙන හෝ කර තබාගෙන හෝ කැමැති මඟකින් යන්නෙම් නම් මැනැවැ’යි මෙබඳු අදහසෙක් වන්නේ නම්, මහණෙනි, ඒ කුමක් හඟින්නේ ද, මෙසේ කරන්නා වූ ඒ පුරුෂයා ඒ පහුරට කළයුතු දෑ කරන්නෙක් වන්නේ ද? ‘ස්වාමින් වහන්ස, නො වේ ම ය’…
මහණෙනි, ඒ පුරුෂයා ඒ පහුරට කුමන කටයුත්තක් කළ යුතු වන්නේ ද? මහණෙනි, මෙහි එතෙර වූ පරතෙරට පැමිණි ඒ පුරුෂයාහට මෙවැනි අදහසෙක් වන්නේ ය: ‘මට මේ පහුර බොහෝ උපකාර විය. මම මේ පහුර නිසා අතින් ද පයින් ද වෑයම් කරමින් සුවසේ එතෙර වූයෙමි. මම මේ පහුර ගොඩට පමුණුවා හෝ දියෙහි පා කොට යවා හෝ කැමැති මගකින් යන්නෙම් නම්, මැනැවැ’යි. මහණෙනි, මෙසේ කරන ඒ පුරුෂයා ඒ පහුරට කළ යුතු දෑ කරන්නෙක් වන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් මා විසින් පහුර උපමා කොට ධර්‍මය දේශනා කරන ලදී. එය එතෙර වීම පිණිස ය. ග්‍රහණය කරගැනීම පිණිස නො වේ. මහණෙනි, පහුර උපමා කොට තොපට දෙසන ලද ධර්‍මය දන්නා වූ තොප විසින් ධර්‍මයෝ ද පහකළ යුත්තාහ. අධර්‍මයෝ කවර කතාද?.”
මෙසේ එතෙර වීම පිණිස පෙන්වන ධර්මය පිළිබඳව ඉදිරි ලිපියේ සාකච්ඡා කරමු.