No event
හැඳින්වීම
රෑනකෙටුවගල ආරණ්‍ය - මාතලේ
සම්බුදුරජාණන් වහන්සේගේ පිරිණිවනින් වසර 2565 ක් පමණ ඉක්මවු තැන, ලෝකයම හුදු ස්වකීය රාමුවට කොටුව පසැඳුරන් පිනවමින්, නූතන භෞතිකවාදී මෙන්ම සංස්කෘතිය දහම ලෙස ගෙන, ඒ ගත් දහම ඉන්ද්‍රියන්ට මනසට සාපේක්ෂ වූවක් බව වටහා ගැනීමට නොහැකිව ගතකරන කාලවකවානුවක, සුන්දර වූ ආරණ්‍යක් සොයා යාමට සිත්විය.
මා විසින් අසන ලද ලෙසට නුවර සිට ඓතිහාසික මාතලේ පුරවරයට පැමිණෙන මාර්ගයේ කූඹියන්ගොඩ, තැන්න හන්දියෙන් වමට හරවා ඕවිලිකන්ද මාර්ගයට පිවිසුනහ. ටික දුරක් ගමන් කරන විට, නිල්ල නිලන කඳු අතර මිහිඳුම් සළු වලා එතී ගතට දැනෙන සිසිලස නුවරඑළිය සිහි කැඳවයි. ඉතාම මනරම් වූ තේ වතු මැදින් ඕවිලිකන්ද නම් කුඩා නගරය මැදින් වදේමඩ ගම්මානයේ පිහිටි රෑනකෙටුවගල නම් වූ අමා දම් රස වෑහෙන ස්ථානයක් යැයි ප්‍රචලිත ආරණ්‍යසේනාසනය තුලට පිවිසෙද්දී