තමන්ගේ ජීවිත අත්දැකීම් තුළ ඇති නිස්සාර බව අනුපිළිවෙළ ආදී කතා තුළින් අවබෝධ වුණු විට එසේ ගැඹුරු දහම පෙන්වන උත්තමයාට යොමු වී ඒ පෙන්වන දහම ඉගෙන ගැනීමට යොමුවේ (සුතා, ධතා…). මේ පිළිබඳව පෙර විස්තර කරන ලදී. මේ ආකාරයට නිවැරදිව ඉගෙන ගත් විට එය තමන්ගේ අත්දැකීම් ලෝකයට ගෝචර නොවන්නකි. එනිසා එසේ අසා දරාගත් දේ තුළින් සත්‍ය සෙවීමට යොමු වේ. එය ශ්‍රද්ධානුසාරී වීමයි. මෙය සිදුවන ආකාරය පිළිබඳව කීටාගිරි සූත්‍රයේ ද චංකි සූත්‍රයේ ද හොඳින් පැහැදිලි කර ඇත. “කථඤ‍්ච භික‍්ඛවෙ, අනුපුබ‍්බසික‍්ඛා අනුපුබ‍්බකිරියා අනුපුබ‍්බපටිපදා අඤ‍්ඤාරාධනා හොති: ඉධ භික‍්ඛවෙ,...
විමුක්තිකාමි සමාජය තුළ බොහෝ අය විවිධ ධර්ම විනයන් තුළින් විමුක්තවීම සඳහා වැඩපිළිවෙළවල් භාවිත කළහ. ඒ ඒ අය ඒ ඒ ධර්ම විනයන් තුළින් භාවිත කළ ප්‍රතිපදාවන් නිසා විමුක්ත වූ බව...
ඉතාම කලාතුරකින් ලෝකයේ පහළවන බුදුරජාණන් වහන්සේ සක්කාය නම් වූ ලෝකයෙන් එතෙරවන ප්‍රතිපදාව පෙන්වාදුන් සේක. එම ප්‍රතිපදාවට යොමුවීම සඳහා තීක්ෂණ නුවණකින් යුක්තවිම හා ගුණවත්බවින් පෝෂණයවීම අත්‍යාවශ්‍ය ම වේ. එලෙස හැකියාවෙන්...
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ලෝකෝත්තර ප්‍රතිපදාවේ මූලිකම යොමුවන වැඩපිළිවෙල ඉස්මතු කරන විට ‘සමනුපස්සති’ යන යෙදීමක් පැහැදිලි කර ඇත. එනම් අනිත්‍ය, නිත්‍ය, සැප, දුක, ආත්ම, අනාත්ම, නිබ්බාන දුක්ඛ, නිබ්බාන සුඛ...